ජඩේජා තරගයෙන් ඉවතට – ඉන්දියාවට පළමු තරගයේ දී ක්‍රීඩකයින් 12ක්

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේ දී (ඔස්ට්‍රේලියානු ඉනිමේ දී) ඉන්දීය කණ්ඩායමේ වෙනස්කමක් සිදු කෙරුණා.

ඒ, පළමු ඉනිමේ (ඉන්දීය ඉනිමේ) අවසන් පන්දුවාරයේ දී රවීන්ද්‍ර ජඩේජාගේ හිස් ආවරණයේ පන්දුව වැදීමේ සිද්ධිය පදනම් කර ගනිමින්.

එම අනතුර හේතුවෙන් රවීන්චද්‍ර ජඩේජා දෙවන ඉනිමෙන් ඉවත් කිරීමටයි ඉන්දීය කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගත්තේ.

තරගය සදහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා අතරට ඔහු වෙනුවට යුස්වේන්ද්‍ර චහෙල් ආදේශ කිරීමට ද පසුව පියවර ගත්තා.

ඒ අනුව මෙම තරගය සදහා ක්‍රීඩා කළ සමස්ත ඉන්දීය ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 12ක්.

අයි.සී.සීය මෑතකදී හදුන්වා දුන් මෙම නව ආදේශ කිරීමේ නීති ප්‍රකාරව මෙවැනි අවස්ථාවක ක්‍රීඩක ආදේශ කිරීමක් ක්‍රීඩකයින් 11 දෙනාගේ අවසන් කණ්ඩායම වෙනුවෙන් සිදු කිරීමට තරග තීරකවරයාගේ අනුමැතිය අවශ්‍ය වනවා.

එම ආදේශ කිරීමට ලක් වන ක්‍රීඩකයා ආබාධයට ලක් වූ ක්‍රීඩකයාගේ කාර්ය භාරයට සමාන කාර්යයක් කණ්ඩායම තුළ සිදු කරන අයෙකු ද විය යුතුයි.

එනම්, පිතිකරුවෙකු ආදේශ කළ හැකි වන්නේ තවත් පිතිකරුවෙකු වෙනුවෙන් වන අතර, පන්දු යවන්නෙකු පිතිකරුවෙකු වෙනුවෙන් ආදේශ කළ නොහැකියි.

පිතිකරුවෙකු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ආදේශ කළහොත් ආදේශ කිරීමට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩකයාට පන්දු යැවීමේ අවස්ථාව ලබා නොදීමේ බලතල ද තරග තීරකවරයා සතු වනවා.

රවීන්ද්‍ර ජඩේජා ඉන්දීය පන්දු යැවීමේ බලඇණියද ශකතිමත් කරන ක්‍රීඩකයෙකු වන බැවින් ඔහු වෙනුවට යුස්වේන්ද්‍ර චහෙල් ආදේශ කිරීමට අද තරගයේ දී ඉන්දීය කණ්ඩායම ගත් තීරණයට තරග තීරක ඩෙවිඩ් බූන් අවසර ලබා දී තිබෙනවා.

මෙවැනි ආකාරයේ ආදේශ කිරීමක් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සිදු කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...