ජැෆ්නා ඇදුම වෙනස් වූ හේතුව – නිල ගීතය එළි දක්වන්නත් සියල්ල සූදානම්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන ජැෆ්නා ස්ටැලින්ස් කණ්ඩායම ඊයේ(4) පැවැති තරගය සදහා සිය නිල ඇදුමෙහි වර්ණය වෙනස් කිරීමට කටයුතු කර තිබීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සදහන් කළේ ඔක්සිජන් නිල් පැහැයෙන් යුත් ඇදුමකින් සිය කණ්ඩායම එම තරගය සදහා ක්‍රීඩා කළ බවයි.

ස්වභාවධර්මය හා පවතින සම්බන්ධතාවය සංඛේතවත් කිරීමේ අරමුණින් ඔවුන් මෙලෙස අදාළ වර්ණයෙන් යුත් ඇදුමකින් සැරසී මෙම තරගය සදහා එක් වූ බව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නිවේදනය කළා.

යාපනය අර්ධද්වීපය නියමිත කාලයට ලැබෙන වර්ෂාව සහ අනෙකුත් සුබදායී කාලගුණ සාධක මත බෙහෙවින් රඳා පවතින බවයි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මේ අතර, මෙවර තරගාවලියේ වඩාත් වෘත්තීමය සහ සංවිධානාත්මක කණ්ඩායමක් ලෙස බොහෝ දෙනෙකු පිළිගන්නා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තම කණ්ඩායමේ නිල ගීතය ද එළිදැක්වීමට මේ වන විට සූදානමින් සිටිනවා.

ඊට අදාළ පූර්ව ප්‍රචාරක පටයක් ද මේ වන විට මාධ්‍ය වෙත ඔවුන් නිකුත් කර තිබෙනවා.(දර්ශන පහතින්)

නිල ගීතය ළහිරු පෙරේරා විසින් ගායනා කරන අතර, එහි පද රචනය සිදු කර ඇත්තේ මනුරංග වීරසේකර විසිනුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...