ඉන්දු – ඔස්ට්‍රේලියා දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඇඩිලේඩ්හී දී

Date:

ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී ක්‍රීඩා කරන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය ඇඩිලේඩ් හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමක් 1988 වසරෙන් පසුව එම ක්‍රීඩාංගනයේ දී මෙතෙක් කිසිදු ටෙස්ට් තරගයක් පරාජයට පත්ව නැහැ.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන දෙකක් වන 7news.com.au සහ the Sydney Morning Herald වාර්තා කර ඇත්තේ ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 3 වනදා ආරම්භ වීමට නියමිත බවයි.

ගෝලීය කොරෝනා වසංගත අර්බුදය හමුවේ වුව ද මේ පිළිබද නිල ප්‍රකාශයක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් එළඹෙන සිකුරාදා දින සිදු කරනු ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...