සාමයට පැමිණි අෆ්රිඩිට නවීන්ගෙන් සැර පිළිතුරක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර පසුගියදා ඇති වූ මත ගැටුම සම්බන්ධයෙන් ශහීඩ් අෆ්රිඩි සිය ට්විටර් ගිණුමේ පල කර තිබූ අදහසට නවීන් උල් හක් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

කෙසේ වෙතත්, ඊට පාකිස්තාන ක්‍රිකට් රසිකයන්ගෙන් එතරම් සුබවාදී ප්‍රතිචාරයක් නම් ලැබී තිබුණේ නැහැ.

පසුගිය 30 වනදා ගෝල් ග්ලැඩියේටර්ස් හා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර පැවති තරගය තුළ දී පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් අමීර් හා ඇෆ්ගනිස්තාන ක්‍රීඩක නවීන් උල් හක් අතර යම් බහින්බස් වීමක් සිදු වුණා.

සෙසු ක්‍රීඩකයන් මැදිහත්ව එම උණුසුම් වචන හුවමාරුව සමථයකට පත් කිරීමට පළමුව කටයුතු කළා.

නමුත් කණ්ඩායම් දෙකේ ක්‍රීඩයන් තරගයෙන් පසු අතට අත දී ආචාර කර ගැනීමේ අවස්ථාවේ දී ගාලූ කණ්ඩායමේ නායක ශහීඩ් අෆ්රිඩි හා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ක්‍රීඩක නවීන් අතරේ යළි යම් වචන හුවමාරුවක් සිදුවනු දක්නට ලැබුණා.

තවමත් 21 හැවිරිදී වියේ පසුවන මෙම ක්‍රීඩකයාට ක්‍රිකට් ක්‍රීඩාවේ අත්දැකීම් බහුල ශහීඩ් අෆ්රිඩිගෙන් යම් අවවාද කිහිපයක් ඒ මොහොතෙදී ලැබුණු බවයි බොහෝ දෙනා මත පල කර තිබුණේ.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ශහීඩ් අෆ්රිඩි සිය ට්විටර් ගිණුමේ මෙවනි අදහසක් පල කළා.

“තරුණ ක්‍රීඩකයා වෙනුවෙන් මම සරල අවවාදයක් ලබා දෙනවා. නුසුදුසු වචන භාවිතා නොකර ක්‍රීඩාවේ නිරත වෙන්න. අපේ රටවල් අතර සුහදශීලි සබැඳියාවක් තියෙනවා. එමෙන්ම ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ මිතුරන්ද මට සිටිනවා. සියලු කණ්ඩායම්වලට මෙන්ම ප්‍රතිවාදීන්ට ගරු කළ යුතුයි. ක්‍රීඩාවේ මුළික ජීව ගුණය එයයි.”

එම සිදුවීම සම්බන්ධයෙන් එලෙසින් සුහදශීලි අදහසක් පල කර තිබූ ශහීඩ් අෆ්රිඩිට නවීන් උල් හක් දක්වා තිබූ ප්‍රතිචාරය නම් එතරම් මිත්‍රශීලී වූයේ නැහැ.

“ඕනෑම මොහොතක අවවාදයන් භාර ගැනීමටත් ගෞරවය පෙරලා දැක්වීමටත් මම සුදානමින් සිටිනවා. ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නමුත් ඔබ අපට යටත්ව සිටිය යුතුයි යනුවෙන් යමෙක් පවසනවා නම් ඔහු එය පවසන්නේ මට පමණක් නොවේ මගේ ජනතාවටත් එක්කයි”

මෙම ප්‍රතිචාරයට පාකිස්තාන රසිකයන්ගේ මහත් විවේචනයක් ද එල්ල වනු දක්නට ලැබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...