රාහුල් – චහෙල් වේදනාවෙන් කෑ ගැසූ ෆින්ච්ට කළ විහිලුව

Date:

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ඊයේ (29) නිමාවට පත් වුණේ ඔස්ට්‍රේලියාවට ලකුණූ 51ක ජයක් හිමි කර දෙමින්.

මෙම තරගයේ දී ද ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ගේ දක්ෂතා මෙන්ම පන්දු රැකීමේ දී දැක් වූ දක්ෂතා සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

තරගය අතරතුර දී ඉන්දීය ප්‍රේක්ෂකයෙකු විසින් ඔස්ට්‍රේලියානු තරුණියකට ගෙන ආ මංගල යෝජනාවක් සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකු කතාබහට ලක් කළා.

ඒ අතරතුර මෙම තරගයේ දී වූ තවත් එක් සිදුවීමක් පිළිබදවයි මෙම සටහනින් අවධානය යොමු කරන්නේ.

තරගයේ ඔස්ට්‍රේලියා ඉනිමේ 12 වන පන්දුවාරය යොමු කළ නව්දීප් සයිනිගේ පන්දුවක් තණතීරුවේ පතිත නොවී පිතිකරණයේ නිරතව සිටි ආරෝන් ෆින්ච්ගේ ශරීරියේ ගැටීමක් සිදු වුණා.

එය නිපන්දුවක් ලෙස ද සලකුණු කිරීමටයි විනිසුරු පියවර ගත්තේ.

අදාළ අවස්ථාවේ දී ෆින්ච් තරමක් වේදනාවෙන් පසු වූ නමුත්, ඉන්දීය කණ්ඩායමේ කේ.එල් රාහුල් සහ යුස්වේන්ද්‍ර චහෙල් විසින් ආරෝන් ෆින්ච්ට යම් හාස්‍ය කරුණක් පවසමින් සිනහසෙන අයුරු දක්නට ලැබුණා.

ෆින්ච් ද ඊට සිනහමුසු මුහුණින් ප්‍රතිචාර දැක් වූ අයුරු කාගේත් අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...