වාර්තා රැසක් සමගින් කලම්බු කිංග්ස් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 34ක ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ ආරම්භය පැය 3කින් පමණ ප්‍රමාද වුණා.

ඒ හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 5කට සීමා වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ ගෝල් ග්ලැඩියේටර්ස් නායක ශහිඩ් අෆ්රිඩි.

ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කලම්බු කිංග්ස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 5 නිමා කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 96ක් ලබා ගනිමින්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩ්‍රි රසල් පන්දු 19කින් නොදැවී ලකුණු 65ක් ලබා ගත් අතර, ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 14ක් පමණක් වැය කරමින්.

එය 20යි 20 පිටියේ වාර්තා වූ පස්වැනි වේගවත්ම අර්ධ ශතකය වීම ද විශේෂත්වයක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

පන්දු යැවිමේ දී එක් පන්දුවාරයක් යොමු කළ අසිත ප්‍රනාන්දු ලකුණු 26කට එක් කඩුල්ලක් බිද හෙලූ අතර, මොහොමඩ් අමීර් සිය පන්දුවාර 2 තුළ ලකුණු 46ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.

කලම්බු කණ්ඩායම ලබා ගත් ලකුණු 96 වාර්තා අතරට එක් වූයේ පන්දුවාර 5කට සීමා වූ තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායමට කඩුලු 2ක් දැවි ලබා ගත හැකි වූයේ ලකුණු 62ක් පමණයි.

ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 30ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී අශාන් ප්‍රියන්ජන් එක් ලකුණක් පමණක් ලබා දී එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

මෙම ජයග්‍රහනයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ යළි හිමි කර ගැනීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් වුණේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම මේ වන විට පරාජයට පත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...