ඕෂදගේ ආබාධය ගැන දඹුල්ල කණ්ඩායමෙන් නිවේදනයක්

Date:

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දුට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඔවුන් ක්‍රීඩා කරන ඉදිරි තරග 3 අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු අද(28) කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී පාදයක ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

පිතිකරණයේ නිරතව සිටියදී ඔහු මෙම ආබාධයට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට ලකුණු 10ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට ද සිදු වුණා.

ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සදහන් කළේ ඕෂද ප්‍රනාන්දුට සතියක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බවයි.

කෙසේ වෙතත්, ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිපල ලැබෙන තුරු ප්‍රකාශ කළ නොහැකි බව ද දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සදහන් කළා.

තරගයෙන් පසුව අදහස් දැක් වූ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක ද කියා සිටියේ ඕෂද ප්‍රනාන්දුට මෙවර තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉතා අවම මට්ටමක පවතින බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...