දසුන්ගේ සුපිරි ඉනිම දඹුල්ලට පළමු ජය ගෙනෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 4ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ හම්බන්තොට පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තේ නායක දසුන් ශානකගේ සහ සමිත් පටෙල්ගේ අර්ධ ශතකවලින් සවිමත් වෙමින්.

දසුන් පන්දු 37කින් ලකුණු 73ක් වාර්තා කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් සිය ඉනිමට එක්කරමින්.

පටෙල් පන්දු 38කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 58ක්.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127ක සබදතාවයක් ගොඩ නැගුණා.

නිරෝෂන් දික්වැල්ල සමග ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දුට ලකුණු 10ක් ලබා සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

SLC

පන්දු යැවීමේ දී නවීන් උල් හක් සහ අසේල ගුණරත්න කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 9.4ක් ක්‍රියාත්මක වීමෙන් පසුව තරගය නතර කිරීමට සිදු වුණා.

ඒ වන විට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 84ක්.

තරගය ජය ගැනීමටනම් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඔවුන් ඒ වන විට ලබා ගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 89ක්.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 34ක් සහ රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අන්වර් අලී, මාලින්ද පුෂ්පකුමාර සහ ළහිරු මදුෂංක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා ලෙස දසුන් ශානක සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම පරාජයත් සමග කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තරග දෙකම මේ වන විට පරාජයට පත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...