පාකිස්තාන ක්‍රීඩකයින් පිටුවහල් කරන බවට නවසීලන්තයෙන් අනතුරු ඇගවීමක්

Date:

කොරෝනා වෛරසයට අදාළව පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි එක් වරක් හෝ උල්ලංඝනය කළහොත් නවසීලන්ත තරග සංචාරයක මේ වන විට නිරතව සිටින පාකිස්තාන ක්‍රීඩකයින් සියලු දෙනා එරටින් පිටුවහල් කරන බවට නවසීලන්ත රජය අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වසීම් ඛාන් වෙත මෙම අනතුරු ඇගවීම සිදු කර ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

එලෙස පිටුවහල් කිරීමක් සිදුවුවහොත් එය දැඩි ලැජ්ජාවට කරුණක් වන බව ප්‍රධාන විධායක නිළධාරීවරයා පාකිස්තාන ක්‍රීඩකයින් වෙත පවසා ඇති බව ද සදහන්.

“මම කතා කරා නවසීලන්ත රජයට. එයාලා අපිට කීවා මාර්ගෝපදේශ තුනක් හෝ 4ක් උල්ලංඝනය කරලා තියෙනවා කියලා” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා පාකිස්තාන ක්‍රීඩකයින් වෙත යොමු කළ වට්ස්ඇප් හඩ පණිවිඩයක (WhatsApp voice message) සදහන්ව තිබෙනවා.

“ඔවුන් අපිට අවසන් අනතුරු ඇගවීමක් ලබා දීලා තියෙන්නේ. අපි දන්නවා මෙය ඔබට අමාරු කාලයක් කියලා. ඒ වගේම ඔයාලා මේ වගේම තත්ත්වයක එංගලන්තයේ රැදී සිටියා. එය පහසු දෙයක් නෙවෙයි. නමුත් මෙය ජාතියේ ගෞරවය හා විශ්වසනීයත්වය පිළිබඳ කාරණයක්. ඔවුන් මට පැහැදිලිවම කීවා තවත් එක් උල්ලංඝනය කිරීමක් කළහොත් අපිව ගෙදර යවනවා කියලා”

පාකිස්තාන ක්‍රීඩකයින් පසුගිය 24 වනදා නවසීලන්තයට ළගා වූ අතර, අනතුරුව ඔවුන් මේ වන විට දින 14ක නිරෝධායන කාලයක් ගත කරමින් සිටිය ද, නිරොධායනයේ නිරත වූ පළමු දිනයේ දී ම පාකිස්තාන ක්‍රීඩකයින් පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

නවසීලන්ත තරග සංචාරයට එක්ව සිටින පාකිස්තාන සංචිතයේ ක්‍රීඩකයින් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ද ආසාදනය වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අදාළ ආසාදිතයින් මේ වන විට සෙසු සාමාජිකයින්ගෙන් වෙන් කර හුදෙකලා කර ඇති බව සදහන්.

නිරෝධායනය අතරතුර පුහුණුවීම් සිදු කිරීම සදහා ලබා දී තිබූ අවසරය ද මෙම නවතම තත්ත්වයත් සමග තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගත්තේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 18 වනදා ආරම්භ වීමට නියමිත අතර, පසුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්විමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...