හෙරොයින් සිද්ධිය නිසා සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් වෛද්‍ය පරීක්ෂණයකට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම්ගතව සිටින සියළුම ක්‍රීඩකයින්ව ඉදිරියේදී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි සභාපති ශම්මි සිල්වා මහතා මේ බව අවධාරණය කර සිටියේ කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් ලක්ෂ 150 ක් වටිනා පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීම සම්බන්ධව අද(26) පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්ගතව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පල කළා.

“ඇත්තටම මේ තත්ත්වය එම ක්‍රීඩකයාගේ පෞද්ගලික දෙයක්. ඒවගේ දේවල් අපිට පාලනය කරන්න බැහැ. ඔවුන්ගේ පරිසරය අනුව තමයි ඔවුන් ඒ විදියට හැසිරෙන්න. ඒ වුණත් ඉදිරියට ඒ වගේ දේවල් නොවෙන්න අපි අද තීරණයක් ගන්නවා. ඒ අනුව ඉදිරියේදී ක්‍රිකට් ආයතනය සමඟ බැඳී සිටින සියළුම ක්‍රීඩකයින් පරීක්ෂණයකට භාජනය කිරීමට කටයුතු කරනවා”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...