ස්මිත්, ෆින්ච් සහ මැක්ස්වෙල්ගෙන් සුපිරි ඉනිම් – ඉන්දියාවට ලකුණු 66ක පරාජයක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 66ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(27) සමත් වුණා.

සිඩ්නි හී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 374ක් ලබා ගත්තේ ආරෝන් ෆින්ච්, ස්ටීව් ස්මිත් සහ ග්ලේන් මැක්වෙල්ස්ගේ සුපිරි ඉනිම්වලින් සවිමත් වෙමින්.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 114ක් සහ ස්ටීව් ස්මිත් ලකුණු 105ක් රැස් කළ අතර, මැක්ස්වෙල් පන්දු 19කින් වේගවත් ලකුණු 45ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි කඩුලු 3ක් බිද හෙලූ අතර, යුස්වේන්ද්‍ර චහෙල් ක්‍රියාත්මක කළ පන්දුවාර 10 තුළ දී ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 89ක් රැස් කිරීම විශේෂත්වයක්.

ඔහු එක් කඩුල්ලක් ද දවා ගත් නමුත්, ඔහු ලබා දුන් ලකුණු සංඛ්‍යාව ඉතිහාසයට එක් වූයේ ඉන්දීය දග පන්දු යවන්නෙකු එක්දින තරගයකදී ප්‍රතිවාදීන්ට ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 308ක් පමණයි.

හර්ඩික් පාන්ඩ්යා ලකුණු 90ක් සහ ශිකර් දවාන් ලකුණු 74 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා කඩුලු 4ක් සහ ජොෂ් හෙසල්වුඩ් කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...