දින 7 ක නිරෝධායනය නැතිවම අෆ්රිඩි අද තරගයට

Date:

අද(27) පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩිට හිමි වී තිබෙනවා.

ඒ, ඔහු දිවයිනට පැමිණ දින 7ක අනිවාර්ය නිරෝධායන කාලසීමාව ද ගත කර නොමැති පසුබිමකයි.

අෆ්රිඩි පසුගිය 24 වනදා මෙරටට ළගා වූ අතර, දිවයිනට පැමිණීමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් ඔහු සමත්වීම නිසා අද තරගය සදහා ක්‍රීඩා කිරීමට අවසර ලැබී තිබෙනවා.

මීට පෙර ශහිඩ් අෆ්රිඩිට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා තිබීම මීට හේතුවයි.

ඒ අනුව දිවයිනට පැමිණීමෙන් අනතුරුව සිදු කළ ප්‍රතිදේහ පරීක්ෂණයේ දී ඔහුගේ ශරීරිය තුළ වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවට තහවුරු වී ඇති බවත්, එම නිසා වෛරසය ඔහුගෙන් ව්‍යාප්ත වීමේ කිසිදු අවධානමක් නොමැති බවටත් තහවුරු වී තිබෙනවා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙවර තරග වාරය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය අද පැවැත්වෙන්නේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගය රාත්‍රී 8ට හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...