ලකුණකට කඩුලු 5යි – පොලාර්ඩ්ගේ සුපිරි ඉනිම අපතේ යවමින් නවසීලන්තයට ජය

Date:

ජේම්ස් නීෂම්ගේ සහ මිචෙල් සැන්ට්නර්ගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (27) සමත් වුණා.

ඔක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 180ක්.

ඔවුන්ගේ ඉනිමේ 58 වන ලකුණ පන්දුවාර 3.1ක් තුළ වාර්තා වන විට කිසිදු කඩුල්ලක් දැවී ගොස් තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, අනතුරුව ක්‍රියාත්මක වූ පන්දු 12 තුළ දී කොදෙව් ඉනිමේ කඩුලු 5ක් එක් ලකුණක් තුළ දැවී යාම විශේෂත්වයක්.

කොදෙව් ඉනිමට විටින් විට වර්ෂාවෙන් ද බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 16කට සීමා කෙරුණා.

ලකුණූ 59ට කඩුලු 5ක් දැවී ගොස් තිබූ අවස්ථාවක බිද වැටුණු ඉනිම ගොඩ නැගීමේ වගකීම භාර ගත් නායක කිරන් පොලාඩ් පන්දු 37කින් ලකුණු 75ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත්.

ඔහු සහ ෆේබියන් ඇලන් අතර 6 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 84ක්.

ෆේබියන් ඇලන් ලකුණු 30ක් සහ ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 34ක් රැස් කරමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ලුකී ෆර්ගියුසන් ලකුණු 21කට කඩුලු 5ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට තරගය ජය ගැනීම සදහා පන්දුවාර 16කදී හිමි වූ ඉලක්කය ලකුණු 176ක්.

එම ඉලක්කය ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී පසු කර යාමට නවසීලන්තය සමත් වුණා.

ජේම්ස් නීෂම් පන්දු 24කින් ලකුණු 48ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින්.

මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ Devon Conway ලකුණු 41ක් රැස් කළ අතර, මිචෙල් සැන්ට්නර් පන්දු 18කින් ලකුණු 31ක් ලබා ගනිමින් නවසීලන්තයට ජයග්‍රහනය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී ඔෂේන් තෝමස් ලකුණු 23කට කඩුලු 2ක් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අනිද්දා (29) පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...