ප්‍රියන්ජන්ගේ සුපිරි උඩ පන්දුව සහ පළමු තරගයේ විශේෂ අවස්ථා

Date:

ප්‍රේක්ෂකයින්ට සුපිරි තරග අත්දැකීමක් එක්කරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද අලුයම නිමාවට පත් වුණා.

ඒ, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව කලම්බු කිංග්ස් කණ්ඩායමට සුපිරි පන්දුවාරයේ ජයක් හිමි කර දෙමින්.

ALSO READ : Match Report

මෙම තරගයේ දී වේගවත් අර්ධ ශතක තුනක් වාර්තා වීම කැපී පෙණුනා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් පිල වෙනුවෙන් කුසල් ජනිත් පන්දු 52කින් ලකුණු 87ක් සහ 19 හැවිරිදි රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 22කින් ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල ආරම්භයක් ලබා දුන් දිනේෂ් චන්දිමාල් පන්දු 46කින් ලකුණු 80ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සිය ඉනිමට එක් කරමින්.

මෙම තරගයේ දී ක්‍රීඩකයින් පන්දු රැකීම අතින් එතරම් ඉහළ දක්ෂතාවයක් පෙන්වනු දක්නට ලැබුණේ නැහැ.

කෙසේ වෙතත්, එවැනි පසුබිමක් තුළ කුසල් ජනිත්ගේ කඩුල්ල දවා ගැනීම සදහා අශාන් ප්‍රියන්ජන් රැකගත් උඩ පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.(ඊට අදාළ දර්ශන ද තරගයේ විශේෂ අවස්ථා තුළින් නරඹන්න)

එල්.පී.එල් තරගාවලියේ දෙවන තරගය අද(27) ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය රාත්‍රී 8ට හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...