ඉර්ෆාන් පතාන්ගේ ආබාධය ගැන මහනුවර කණ්ඩායමෙන් නිවේදනයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේ දී ම ආබාධයකට ලක් වූ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඉර්ෆාන් පතාන් සම්බන්ධයෙන් එම කණ්ඩායම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායමේ කළමණාකරු ෆර්විස් මහරුෆ් සදහන් කරන්නේ ඉදිරි දින කිහිපයේ දී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය  දැඩි අවධානයෙන් නිරීක්ෂණය කරන බවයි.

කලම්බු කිංග්ස් කණ්ඩායම සමග පැවැති අදාළ තරගයේ දී ඉර්ෆාන් පතාන් ක්‍රියාත්මක කළේ පන්දුවාර 1යි පන්දු 5ක් පමණයි.

අනතුරුව පාදයක ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වුණා.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මෙවර තරග වාරය යටතේ ක්‍රීඩා කරන මීළග තරගය හෙට(28) දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ දෙවන තරගය අද(27) ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර පැවැත්වෙනු ඇති.

එම තරගය රාත්‍රී 8ට හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...