ෂර්මා ටෙස්ට් තරගාවලියෙන් ඉවතට – පළමු එක්දින තරගය අද

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය සංචිතවලට යළි සංශෝදනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමටයි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ආබාධයකට ලක්ව සිටි ඉෂාන්ට් ෂර්මා මේ වන විට සුවය ලබමින් සිටිය ද ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඔහු සුදුසු තත්ත්වයක නොමැති බවට නිගමනය කර ඇති සදහන්.

කෙසේ වෙතත්, ආබාධයකට ලක්ව සිටි රෝහිට් ෂර්මාට ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා තවදුරටත් අවස්ථාව පවතිනවා.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් අවසන් තීරණය දෙසැම්බර් 11 වනදායින් පසුව ගැනීමට නියමිතයි.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන් ඉන්දීය එක්දින සංචිතයට කැදවීමට ද එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ, නව්දීප් සයිනි ආබාධයකට ලක්ව සිටීම පදනම් කර ගනිමින්.

නටරාජන් පළමුව දැල් පන්දු යවන්නෙකු ලෙස ඔස්ට්‍රේලියානු සංචාරයට නම් කර තිබූ අතර, පසුව ඔහුව 20යි 20 සංචිතයට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණේ වරුන් චක්‍රවර්තී ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(27) සිඩ්නිහී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...