ක්‍රිකට් පුහුණුවීම් තවත් කල් යාමේ අවදානමක්

Date:

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු ලබන පළමු වැනිදා සිට ආරම්භ කළ හැකි දැයි තීරණය කරනු ලබන්නේ ලැබෙන සෞඛ්‍ය උපදෙස් අනුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු පසුගිය 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද පසුව එය  කල් දැමීමට සිදු වුණා.

ඒ, පැවැති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා අමාත්‍යංශය විසින් ජූනි මස පළමු වැනිදා සිට පුහුණුවීම් කටයුතු ආරම්භ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කළ දැනුම් දීමක් හේතුවෙන්.

පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට පෙර ක්‍රිකට් ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට ද ලක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළා.

ලැබෙන සෞඛ්‍ය උපදෙස් සලකා බලා පුහුණුවීම් ආරම්භ කළ හැකි දිනය සම්බන්ධයෙන් තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...