ක්‍රිකට් ආයතනය පන්දු යැවීමේ යන්ත්‍ර 16 ක් පිරිනමයි

Date:

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) 16 ක්, වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල්වලට බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව මෙය සිදු කළ බවයි එම ආයතනය සදහන් කළේ.

ඒ යටතේ ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 16 ක් වෙනුවෙන් එම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීම සිදු කළ බව සදහන්.

එම වැඩසටහන යටතේ දිවයිනේ පළමු පෙළ ක්‍රීඩා කරන පාසල් 36 ටම පන්දු යැවීමේ යන්ත්‍ර ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව වන අතර ඉතිරි යන්ත්‍ර 20 ද මේ වන විටත් ඇනවුම් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව යන්ත්‍ර සියල්ල ශ්‍රී ලංකාවට ගෙන ආ විගස එම පාසල්වලට ඒවා ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ඇති.

සාමාන්‍ය පන්දු යැවීමේ යන්ත්‍ර ක්‍රියාකරවීම සදහා විදුලි බලය ලබා දිය යුතු වුවත් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම පන්දු යැවීමේ යන්ත්‍ර පැය 3 ක පමණ කාලයක් එහි ඇති විදුලි කෝෂය (Battery) හරහා ක්‍රියාකරවීමේ හැකියාවකින් යුක්ත වීම විශේෂත්වයක්.

භාවිත කිරීමෙන් පසු නැවත විදුලිය ආරෝපණය කරගත හැකි (Charging) ආකාරයෙන් මෙම පන්දු යැවීමේ යන්ත්‍ර නිර්මාණය කර තිබෙනවා.

එබැවින් පාසල්වල පුහුණු කටයුතු විදුලි රැහැන් භාවිතයකින් තොරව ඉතා පහසුවෙන් සිදු කිරීමේ හැකියාව මේ ඔස්සේ උදා වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රුපියල් හයලක්ෂ පනස්දහසක (650,000/=) වටිනාකමකින් යුක්ත වන මෙම පන්දු යැවීමේ යන්ත්‍ර ශ්‍රී ලංකාවට ගෙන්වන ලද පළමු අවස්ථාව ලෙසින්ද මෙය සැලකේ.

ඒ අනුව එම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා දීමේ පළමු අදියර වශයෙන් අවසන් පාසල් තරග වාරයේදී කාණ්ඩ 4 හි පෙරමුණ ගනු ලැබූ පාසල් 4 බැගින් වූ පාසල් 16 සඳහා මෙම පන්දු යැවීමේ යන්ත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනැමීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරුණා.

“මෙය ආරම්භයක් පමණයි. පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 36 සඳහාම මෙම යන්ත්‍ර ලබාදීමට අපි සැලසුම් කරලා තියෙනවා” යනුවෙන් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...