LPL තරගාවලියට නැගෙනහිර පළාතෙනුත් කණ්ඩායමක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා නැගෙනහිර පළාත ද නියෝජනය වන පරිදි කණ්ඩායමක් ඉදිරි තරගවාරයන්හී දී එක් කිරීමට අපේක්ෂා කරන බව තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේ මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් නම් කරන ලද්දේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන පිහිටා ඇති නගර කේන්ද්‍ර කර ගනිමින් බවයි.

මෙවර තරගාවලිය දඹුල්ල, මහනුවර සහ හම්බන්තොට යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබීම ඊට හේතු වූ බව ඔහු කියා සිටියා.

ලබන වසරේ දී හෝ තෙවැනි අදියරේ සිට හෝ තරගාවලියට තවත් කණ්ඩායම් කිහිපයක් එක් කරන බවයි රවීන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...