දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා නිවේදනය කෙරේ

Date:

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත් කර තිබෙනවා.

ඒ බව මීට සුළු මොහොතකට පෙර එම කණ්ඩායම විසින් නිල වශයෙන් නිවේදනය කර සිටියා.

“නායකත්වය සදහා අපිට විකල්ප ගණනාවක් තියෙනවා අපේ සංචිතය තුළ. ඒක හොද දෙයක්.” යනුවෙන් දඹුල්ල කණ්ඩායමේ පුහුණුකරු ඔවයිස් ශාහ් මීට පෙර සදහන් කර තිබුණා.

නායකයා තේරීමට පෙර පුහුණුසැසි කිහිපයක් ක්‍රීඩකයින් සමග පැවැත්වීමට අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙවර තරගාවලියේ දී දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව අද(25) දිනයේ දී එම කණ්ඩායම නිල වශයෙන් නිවේදනය කළා.

සංචිතය සදහා උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, කසුන් රාජිත වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් ද තෝරා ගෙන තිබෙනවා.

එමෙන්ම අයර්ලන්තයේ පෝල් ස්ටිර්ලින්ග් (Paul Stirling), ඇෆ්ඝනිස්තානයේ අෆ්ටබ් අලාම් (Aftab Alam) සහ එස්. ශින්වාරි මෙන්ම පාකිස්තානයේ අන්වර් අලී, ඉන්දියාවේ සුදීප් ත්‍යාගි (Sudeep Tyagi) සහ එංගලන්තයේ සමිත් පටෙල් ද විදෙස් ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත්.

බොලිවුඩ් නලුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන සචින් ජෝෂි (Sachin Joshi) විසින් දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබනවා.

දඹුල්ල සංචිතය –

Dasun Shanaka (c), Samiullah Shenwari, Anwar Ali, Samit Patel, Niroshan Dickwella (WK), Lahiru Kumara, Oshada Fernando, Kasun Rajitha, Sudeep Tyagi, Paul Stirling, Lahiru Madushanka, Upul Tharanga, Angelo Perera, Ramesh Mendis, Pulina Tharanga, Malinda Pushpakumara, Aftab Alam,
Ashen Bandara, Dilshan Madushanka, Kavindu Nadeeshan, Sachindu Colombage

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...