අයි.සී.සී නව සභාපතිවරයා තේරී පත් වෙයි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ නව ස්වාධීන සභාපතිවරයා ලෙස නවසීලන්ත ක්‍රිකට් ප්‍රධානී Greg Barclay පත් වී තිබෙනවා.

ඒ පසුගිය ජූලි මාසයේ දී එම ධූරයෙන් ඉවත් වූ ඉන්දියාවේ ශශාන්ක් මනෝහාර් වෙනුවටයි.

නව සභාපතිවරයා තෝරා ගැනීම සදහා පැවැති ඡන්ද විමසීමේ දී Greg Barclay හමුවේ පරාජයට පත් වූයේ මෙතෙක් වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් කවාජායි.

පසුගිය සතියේ පැවැති පළමු වටයේ ඡන්ද විමසීමේ දී Greg Barclay ඡන්ද 10ක් හිමි කර ගෙන තිබූ අතර, කවාජා ලබා ගෙන තිබුණේ ඡන්ද 6ක් පමණයි.

කෙසේ වෙතත්, සභාපතිවරයා ලෙස තේරී පත් වීමටනම් ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතර ඡන්ද බලයක් ලබා ගත යුතුයි.

එනම් අයි.සී.සී මණ්ඩලයේ සාමාජිකයින් 16 දෙනාගෙන් ඡන්ද 11ක් ලබා ගන්නා පුද්ගලයාටයි ඡන්ද විමසීමෙන් ජය හිමි වන්නේ.

ඒ අනුව දෙවන වටයේ ඡන්ද විමසීමේ දී Greg Barclay තීරණාත්මක 11 වන ඡන්දය හිමි කර ගත්තේ දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය තමා වෙත හිමි කර ගනිමින්.

Greg Barclay 2012 වසරේ සිට නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර, ඔහු මේ වන විටත්  ජගත් ක්‍රිකට් කවුන්සල මණ්ඩලයේ දී නවසීලන්තය වෙනුවෙන් පෙනී සිටින නිළධාරියෙකු වනවා.

කෙසේ වෙතත්, නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ඔහු දරන අදාළ තනතුරෙන් Greg Barclay ඉදිරියේ දී ඉල්ලා අස්වී ජගත් ක්‍රිකට් කවුන්සලයේ නව ස්වාධීන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...