ඉෂාන්ට් සහ රෝහිට් ෂර්මාට පළමු ටෙස්ට් තරග දෙක අහිමි වෙයි

Date:

ඉන්දීය පිතිකරු රෝහිට් ෂර්මාට සහ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මාට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 2 අහිමි වී තිබෙනවා.

රෝහිට් ෂර්මා නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහි සීමිත පන්දුවාර තරගාවලි සදහා ද නම් කර නැහැ.

ආබාධ තත්ත්වය සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මේ වන විට ජාතික ක්‍රිකට් ඇකඩමියේ (NCA) රැදී සිටින අතර, රෝහිට් ෂර්මාට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට අවසර ලැබෙන්නේ දෙසැම්බර් 8 වනදා වන විට බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට පැමිණියද මෙම ක්‍රීඩකයින්ට දින 14ක නිරෝධායන කාලයක් ගත් කිරීමට සිදු වනු ඇති.

එම නිරෝධායන කාලයේ දී රෝහිට් ෂර්මාට මෙන්ම ඉෂාන්ට් ෂර්මාට ද පුහුණුවීම් සිදු කිරීම සදහා අවසර හිමි වන්නේ නැහැ.

ඉෂාන්ට් ෂර්මා මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටිය ද ඔහුට තරග ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවය රදවා ගැනීමට තවත් සති 4ක පමණ කාලයක් යනු ඇති.

තරග සංචාරයට එක්වන සෙසු ඉන්දීය ක්‍රීඩකයින් අයි.පී.එල් තරගාවලිය නිමා වීමත් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...