“එදා 1000 ගැහුව නම් ඒක දාන්න ලකුණු පුවරුවෙ ඉඩ නෑ” – මහේල 1000 නොගැසීමට හේතු පහදයි

Date:

1997 වසරේ දී ශ්‍රී ලංකාව පිහිට වූ පහසුවෙන් බිද හෙලිය නොහැකි ලෝක වාර්තාවක් ලෙස ටෙස්ට් ඉනිමක කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු 952 හැදින්විය හැකියි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී මෙම වාර්තාගත ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාව ලබා ගත්තේ ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.

එය අදටත් ටෙස්ට් ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වසර 23ක කාලයක් තිස්සේ නොකැඩී පවතිනවා.

කෙසේ වෙතත්, මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 1000 සීමාව පසු නොකළේ ඇයිදැයි බොහෝ දෙනෙකුට පවතින ගැටලුවක්.

තරගයේ අවසන් දිනය නිමා වීමට පැයක පමණ කාලයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව සිය ඉනිම අත්හිටුවීමට එම ඉනිමේ දී කටයුතු කළේ ලෝක ඉතිහාසයේ ටෙස්ට් ඉනිමක ලකුණු 1000 සීමාව පසු කළ ලොව පළමු රට බවට පත් වීමට තිබූ අවස්ථාව අහිමි කර ගනිමින්.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම අදාළ තරගයේ දී ටෙස්ට් වරම් හිමි කර ගත් මහේල ජයවර්ධන අදහස් පල කළා.

ඒ, මාධ්‍යවේදී අසාම් අමීන් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.

එහිදී මහේල ජයවර්ධන සදහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 1000 සීමාව පසු කිරීම සදහා එම තරගයේ දී අවස්ථාවක් පැවති බවයි.

එදින තේ පානය වන විට ඒ සදහා සූදානමක් ද කණ්ඩායම තුළ පැවැති නමුත් පසුව එය කොතරම් සාදාචාරාත්මක දැයි යන ගැටලුව මත ශ්‍රී ලංකාව ඉනිම අත්හිටුවීමට පියවර ගත් බව මහේල පෙන්වා දුන්නා.

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් දැඩි ලෙස වෙහෙස වී සිටියදී ඔවුන්ට පන්දුවට පහරදීමට අවස්ථාව ලබා නොදී තවදුරටත් ශ්‍රී ලංකාව පන්දුවට පහර දුන්නේනම් එය සදාචාරාත්මක නොවන බවයි මහේල ජයවර්ධන එහිදී කියා සිටියේ.

එමෙන්ම එම ඉනිමේ දී ලකුණු 1000 සීමාව පසු කළේ නම් එය ලකුණු පුවරුවේ සටහන් කිරීමේ හැකියාවක් ද නොතිබූ බව මහේල සදහන් කළා.

ශ්‍රී ලංකාව ඉනිම අවසන් කිරීමෙන් පසුව එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමටයි කටයුතු කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...