අයි.පී.එල් ගැන තීරණය කරන්නේ ඉන්දීය රජය බව ක්‍රීඩා ඇමති කියයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට හැකි වනු ඇත්දැයි අවසන් තීරණය ගනු ලබන්නේ ඉන්දීය රජය විසින් බව එරට ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.

එය ඉන්දීය ක්‍රිකට් ආයතනයට තීරණය කළ නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්දියාව ඉදිරියට කොරෝනා වෛරසයට මුහුණ දෙන ආකාරය අනුව අයි.පී.එල් තරගාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බව ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.

අයි.පී.එල් තරගාවලිය නිසි පරිදි පැවැත්විය හැකි වන්නේ මහජන සෞඛ්‍ය සදහා අවධානමක් නොමැති නම් පමණක් බවයි ඔහු වැඩිදුරටත් එරට මාධ්‍යක් වෙත සදහන් කර සිටියේ.

පසුගිය මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

ලබන ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කල් දැමීමට තීරණය කළහොත් එම මාසයේ දී අයි.පී.එල් තරගාවලිය ආරම්භ කිරීම පිළිබදව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...