කෝලිත් අභිබවා වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් මාලිංග IPL හොදම කණ්ඩායමට

Date:

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩා කළ හොදම ක්‍රීඩකයින් 11 දෙනාගේ කණ්ඩායමට තේරී පත්ව තිබෙනවා.

ඒ, බී.බී.සී ලෝක සේවය විසින් කළ ඡන්ද විමසීමකින්.

එහිදී බී.බී.සී පරිශීලකයින් 25,000ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංගව මෙම ඡන්ද විමසීමේ දී පරිශීලකයින් අතරින් 93% දෙනෙකුම තෝරා ගෙන තිබීම විශේෂත්වයක්.

එක් ක්‍රීඩකයෙකු සදහා හිමි වූ වැඩිම ඡන්ද ප්‍රතිශතය ද එය වන අතර, දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩි විලියස් සදහා ද එම ඡන්ද ප්‍රතිශතයම හිමිව තිබුණා.

මේ අතර, ලසිත් මාලිංග අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ දී යෝකර් පන්දු 525ක් යොමු කර ඇති බව ද මෙහිදී බී.බී.සී ලෝක සේවය අණාවරණය කළා.

සෙසු පන්දු යවන්නන් හා සැසදීමේ දී යෝකර් පන්දු 325කින් ඔහු ඉදිරියෙන් පසු වන බවයි බී.බී.සී ලෝක සේවය සදහන් කළේ.

all-time IPL XI :

1. Chris Gayle (picked by 80% of readers)
2. David Warner (67%)
3. Virat Kohli (92%)
4. AB de Villiers (93%)
5. MS Dhoni (82%)
6. Andre Russell (54%)
7. Dwayne Bravo (52%)
8. Sunil Narine (52%)
9. Lasith Malinga (93%)
10. Jasprit Bumrah (64%)
11. Bhuvneshwar Kumar (43%)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...