ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සහ 20යි 20 සංචිතයේ වෙනසක්

Date:

ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සහ 20යි 20 සංචිතයෙහි සංශෝදනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඇන්ඩෘ ටයි සංචිතයට කැදවා ඇති අතර, ඉන් ඉවත් කර ඇත්තේ කේන් රිචර්ඩ්සන්.

මේ වන විට පිය පදවිය ලබා ඇති කේන් රිචර්ඩ්සන්ට ඇඩිලේඩ්හි පිටිහි තම නිවසේ සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමට අවස්ථාව ලබා දීම මෙම ආදේශ කිරීමට හේතුවයි.

මේ අතර, ඇඩිලේඩ් නුවර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පදනම් කර ගනිමින් තවත් අමතර ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෙස ජොෂ් පිලිපී සහ ඩර්සි ශෝර්ට් ද ඔස්ට්‍රේලියානු සීමිත පන්දුවාර පුහුණු සංචිතයට කැදවා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු එක්දින සහ 20යි 20 සංචිතය –

Aaron Finch (c), Sean Abbott, Ashton Agar, Alex Carey , Pat Cummins (vc), Cameron Green, Josh Hazlewood, Moises Henriques, Marnus Labuschagne, Glenn Maxwell, Daniel Sams, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Andrew Tye, Matthew Wade, David Warner, Adam Zampa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...