LPL රූපවාහිනී විකාශන අයිතීන් හිමි කර ගත් සියලු නාලිකා නිවේදනය කෙරේ

Date:

එළඹෙන 26 වන දා සිට දෙසැම්බර් 16 දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ මෙරට විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනිය විසින් හිමි කර ගෙන තිබෙනවා.

තරගාවලියේ ජාත්‍යන්තර විකාශනය හිමිකම් ලබා ගැනීමට සෝනී (ඉන්දියාව), ස්කයි (බ්‍රිතාන්‍ය), ජියෝ සහ පී.ටී.වී (පාකිස්ථානය) යන නාලිකා සමත් වී ඇති බවයි තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

“ධනාත්මක සමාජ පරිවර්තනයක් සිදු කළ හැකි සාධකයන් අතුරින් ක්‍රීඩාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ අතුරින් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දේශීය විකාශන අයිතිය හිමිකර ගැනීම හරහා මෙරට ක්‍රිකට්ලෝලීන්ට අමතක නොවන තරග අත්දැකීමක් ලබාදීමට මෙය ප්‍රශස්ත අවස්ථාවක් බව මගේ අදහසයි” යනුවෙන් මෙරට ක්‍රිකට් විකාශන අයිතිය පිළිබඳව අදහස් දක්වමින් අයි.ටී.එන් නාලිකාවේ සභාපති සුදත් රෝහණ මහතා සදහන් කළා.

ස්කයි ස්පෝට්ස් හි අධ්‍යක්ෂ බ්‍රයන් හෙන්ඩර්සන් ද විකාශන අයිතිය ලබා ගැනීම සම්බන්ධයෙන් අදහස් පල කළා.

“ ලංකා ප්‍රිමියර් ලීග් හි ජාත්‍යන්තර විකාශන අයිතිය හිමි කර ගැනීමට හැකි වීම පිලිබඳව සතුටට පත් වන අතර සීමිත ඕවර තරග සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමින් දක්වා ඇති කුසලතා හේතුවෙන් මෙම තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගන්නා බව මට විශ්වාසයි. එමෙන්ම දේශීය ක්‍රීඩකයින්ගේ හැකියාවන් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් වෙත ගෙන යෑමට ද මෙය අයවස්ථාවක් වේවි” යනුවෙන් ඔහු කියා සිටියා.

“කෝවිඩ් 19 වසංගතය හමුවේ දැඩි මානසික ආතතියකින් සිටින දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩා ලෝලින්ට මෙම තරගාවලිය විශාල මානසික සුවයක් ගෙන එන බවට සැකයක් නැහැ. එබැවින් අභියෝග මධ්‍යයේ වූවද මෙම තරගාවලිය පැවැත්වීමට තරග සංවිධායකයින් පියවර ගැනීම පිලිබඳව ප්‍රණාමය පළ කළ යුතු අතරම මෙම තරගාවලිය සජීව අයුරින් ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලීන් වෙත ගෙන යෑමට හැකි වීම අපට විශාල සතුටක් ” යනුවෙන් පී.ටී.වී හි නාලිකා ප්‍රධානී ආචාර්ය නියුමාන් නියාස් සදහන් කළා.

විකාශන හිමිකාරීත්වයන් පිළිබඳව අදහස් දක්වන ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති සහ තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා කියා සිටියේ “ලංකා ප්‍රිමියර් ලීග් හි විකාශන අයිතිය හිමිකර ගත් ස්කයි, සෝනි, ජියෝ සහ පී.ටී.වී වෙත මගේ සුභාශිංෂණ පිරිනමනවා. මෙම ජාත්‍යන්තර විකාශන සමාගම් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලින් වෙතට ගෙන යෑම තුළින් තරගාවලිය පිළිබඳව ඇති දෙස් විදෙස් ආකාර්ෂණ වර්ධනය කිරීමට ඉවහල් වනු ඇති බව මගේ විශ්වාසයි” යනුවෙනුයි.

එමෙන්ම මේ පිළිබඳව අදහස් දක්වන අයි.පී.ජී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් සදහන් කළේ මෙවන් අදහසක්.

“අපගේ ජාත්‍යන්තර විකාශන සමාගම් වන ස්කයි, සෝනි, ජියෝ සහ පී.ටී.වී සමාගම් වලට මාගේ සුභ පැතුම් එක් කරන අතර තරගාවලියේ සාර්ථකත්වය සඳහා මෙම විකාශන සමාගම් වලින් ලැබෙන දායකත්වය අති විශාලයි. ලංකා ප්‍රිමියර් ලීග් ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් කිරීමට මෙම විකාශන සමාගම් වෙතින් ලැබෙන දායකත්වයට මෙරට ක්‍රිකට් ලෝලීන් නිසැක වශයෙන්ම කෘතඥ වනු ඇති”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...