කොළඹ කණ්ඩායමේ පුහුණුකරුට කොරෝනා – රසල් අද දිවයිනට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු වන එංගලන්තයේ කබීර් අලීට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇති බවටයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

මීට පෙර කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේ ඩේව් වට්මෝර්.

මෙම තත්ත්වයත් සමග ලබන 26 වනදා ආරම්භ වන එල්.පී.එල් තරගාවලියේ දී කොළඹ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කවුරුන් ද යන්න මෙතෙක් අණාවරනය වී නැහැ.

එම කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ද ඇතුළත්.

කලම්බු කිංග්ස් කණ්ඩායමේ හිමිකරු වන්නේ Murfad Mustafa.

මේ අතර, තරගාවලියට එක්වීම සදහා කොළඹ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් අද(18) දිනයේ දී දිවයිනට ළගා වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...