ඉතිහාසයේ පළමු වරට කරච්චියට PSL ශූරතාවය

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියක ශූරතාවය පළමු වරට හිමි කර ගැනීමට කරච්චි කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.

කරච්චි හි පැවැති තරගයේ පළමුවෙන් පනදුවට පහරදුන් ලාහෝර් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබා ගත්තා.

ටමිම් ඉක්බාල් ලකුණු 35ක් සහ ෆකාර් සමාන් ලකුණු 27ක් රැස් කරමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් නමුත් මැදපෙල පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ට විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී වකාස් මක්සූද්, අර්ෂද් ඉක්බාල් සහ උමයිඩ් අසීෆ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කරච්චි පිල පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බබාර් අසාම් නොදැවී ලකුණු 63ක් රැස් කළේ පන්දු 49කින් හතරේ පහර 7ක් ද සමගින්.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් සහ දිල්බාර් හුසේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස බබාර් අසාම් සම්මානයෙන් පිදුම් ලැබුවා.

කරච්චි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙම තරග වාරය ආරම්භයේ දී කටයුතු කළේ ඩීන් ජෝන්ස්.

කෙසේ වෙතත්, ඔහු මීට මාස දෙකකට පමණ පෙර මියයාම හේතුවෙන් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස වසීම් අක්‍රම් කටයුතු කළා.

පෙබරවාරි 20 වනදා ආරම්භ වූ මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග කල් දැමීමට සිදු වූයේ කොරෝනා වසංගතය හේතුවෙනුයි.

ඒ අනුව අවසන් වටයේ තරග පසුගිය 14 වනදා ආරම්භ වුණා.

තරගාවලියේ සියලු තරග පළමු වරට මෙවර පාකිස්තානයේ දී ම පැවැත්වීමට කටයුතු කිරීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...