හර්ෂල් ගිබ්ස් LPL තරගාවලියට එක්වන බව තහවුරු කරයි

Date:

දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරයට එක්වන බවට මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුව නිවේදනය කළ සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත විස්තර විචාරක කමිටුවට ද ඔහුව ඇතුළත්ව තිබුණා.

කෙසේ වෙතත්, හර්ෂල් ගිබ්ස් විස්තර විචාරක කටයුතුවලට එක් නොවන බවත්, සාමාජිකයින් 5 දෙනෙකු පමණක් විස්තර විචාරක කමිටුවට ඇතුළත් වන බවත් පසුව නිවේදනය කෙරුණා.

අනතුරුව හර්ෂල් ගිබ්ස් තැබූ ට්විටර් පණිවිඩ කිහිපයක් හේතුවෙන් මෙම සිද්ධිය බොහෝ දෙනෙකුගේ අවධානයට ද යොමු වුණා.

ඒ අතරතුර අද දිනයේ දී තවත් ට්විටර් සටහනක් තබමින් ඔහු සදහන් කළේ තමා එල්.පී.එල් තරගාවලියට විස්තර විචාරකයෙකු ලෙස එක්වන බවයි.

ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඔස්ට්‍රේලියානු ජාතික මයික් හෙයිස්මන් ද මෙම විස්තර විචාරක කමිටුවට ඇතුළත්.

එමෙන්ම ශ්‍රී ලාංකික විස්තර විචාරකයින් දෙපළක් වන රොෂාන් අබේසිංහ සහ රසල් ආනල්ඩ් යන මහත්වරු ද  එල්.පී.එල් තරගාවලියට විස්තර විචාරකයින් ලෙස එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔවුන්ට අමතරව පාකිස්තානයේ අමීර් සොහෙයිල් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඩැරන් ගංගා ද LPL තරගාවලියේ විස්තර විචාරක කමිටුවට ඇතුළත්ව සිටිනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...