කොරෝනා මැද හොරෙන්ම පුහුණුව ඇරඹීමෙන් ඉන්දීය වේග පන්දු යවන්නා අර්බුදයක

Date:

මාස දෙකක පමණ කාලයකින් පසුව ක්‍රීඩාංගනයක පුහුණුවීම් කටයුතු ආරම්භ කළ පළමු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා බවට එරට වේග පන්දු යවන ක්‍රීඩක ශර්දුල් තාකූර් පත්ව තිබෙනවා.

ඒ, රට වසා දැමීමේ ක්‍රියාවලියේ (Lockdown) නීතිරීති තරමක් ලිහිල් කිරීමට ඉන්දීය රජය තීරණය කිරීමෙන් පසුවයි.

ඒ අනුව දැඩි මාර්ගෝපදේශන යටතේ සහ අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ක්‍රීඩකයින්ට ක්‍රීඩා සංකීර්ණවල තනි තනිව පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට මේ වන විට අවසර පවතිනවා.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයෙකු වශයෙන් ශර්දුල් තාකූර් පුහුණුවීම් සදහා ලබා ගත යුතු අවසරය එරට ක්‍රිකට් ආයතනයෙන් ලබා ගෙන නොමැති බව සදහන්.

මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ක්‍රීඩාංගනයක ඔහු මෙලෙස පුහුණු කටයුතු සදහා එක්ව අත්තේ තවත් දේශීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමගින් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහු මෙලෙස පුහුණුවීම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ බළධාරීන් විසින් සිය අප්‍රසාදය පල තිබෙනවා.

“ඔහු සිය අභිමතය පරිදි යාම කණගාටුවට කරුණක්. එය නොකළ යුතුව තිබුණ දෙයක්. හොද පියවරක් නෙවෙයි.”

යනුවෙන් ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු එරට මාධ්‍ය වෙත සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...