ICC මාර්ගෝපදේශනවලට ශකිබ්ගෙන් කනේ පහරක්

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ක්‍රිකට් ක්‍රීඩාව යළි ආරම්භ කිරීම සදහා වන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කළ ද පවතින තත්ත්වය මත ක්‍රීකට් ක්‍රීඩාව සිදු කරන්නේ කෙසේ දැයි බංග්ලාදේශය හිටපු නායක ශකිබ් අල් හසාන් ප්‍රශ්න කර සිටිනවා.

ඒ, ඩකාහි Prothom Alo පුවත්පත වෙත අදහස් දක්වමින්.

“මේ වන විට අපිට දැනගන්න ලැබෙන දෙයක් තමයි වෛරසය අඩි 3ක් හෝ 6ක් වගේ ප්‍රමාණයක නෙවෙයි අඩි 12ක් විතර ඈත ප්‍රදේශයකට වුණත් පැතිර යන්න පුලුවන් කියන දේ. ඒ කියන්නේ පන්දුවාරයක් නිමා වුණාට පස්සේ පිතිකරුවන් දෙදෙනාට එකිනෙකා හමු වෙන්නවත් බැහැ නේද?”

යනුවෙන් ඔහු කියා සිටියා.

“පිතිකරුවන් ඔවුන්ගේ අන්තවලම හිටගෙන සිටිය යුතුද? ප්‍රේක්ෂකයින් කිසිවෙක් නැද්ද? කඩුලු රකින්නා දුරින් ඉන්න ඕනෙද? සමීපව ඉන්න ඕනෙ පන්දු රකින්නන්ට මොකද වෙන්නෙ? මේ දේවල් සදහා සාකච්ඡාවක් අවශ්‍යයි”

“මම හිතන්නේ නැහැ ඔවුන් (ICC) මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සහතිකයක් ලැබෙන්නෙ පෙර කිසිදු අවධානමක් ගනියි කියල. මොන දේ වුණත් ජීවිතයයි පළමු දේ. මම හිතනවා ඔවුන් ආරක්ෂාවට මූලිකත්වයක් දීල හිතයි කියල”

මේ වන විට වසරක ක්‍රිකට් තහනමකට ලක්ව සිටින හිටපු ලොව අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් වැඩිදුරටත් කියා සිටියේ තමන් මේ වන විට යළි ක්‍රිකට් පිටියට පිවිසීම සදහා දින ගණන් කරමින් සිටින බවයි.

” මම දින ගණන් කරමින් ඉන්නවා දෙවිදිහකට. එකක් තමයි කොරෝනාව අවසන් වෙන්නේ කවද්ද කියල. අනිත් එක තමයි මගේ තහනම ඉවර වෙන්නෙ කවද්ද කියන එක. මම දුෂ්කර කාලයක් පසුකරමින් ඉන්නෙ. කොහෙවත් ක්‍රීඩාව සිදු නොවුණත්, මම දන්නවා හෙට ක්‍රීඩාව පටන් ගත්තත් මට ක්‍රීඩා කරන්න බැහැ කියල”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...