නායක ටිම් පේන් ඇතුළු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පිරිසක් නීරෝධායනයට

Date:

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් ස්වයං නීරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ, දකුණු ඕස්ට්‍රේලියාවේ නව කොරෝනා වෛරසය යළිත් ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන්.

Sheffield Shield තරගාවලියේ පළමු වට 4ට අදාළ තරග දකුණු ඕස්ට්‍රේලියාවේ අගනුවර වන ඇඩිලේඩ් නුවර දී ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වුණා.

අප්‍රේල් මාසයෙන් පසුව දකුණු ඕස්ට්‍රේලියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු හදුනා ගෙන ඇති බව සදහන්.

ඒ අනුව තස්මේනියා, කවීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට ඇඩිලේඩ් නුවරින් පිටව යාමෙන් පසුව ස්වයං නීරෝධායනයට ලක් වන ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ.

කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන්ට අමතරව ඉන්දියාවට එරෙහි ජාතික සංචිත නියෝජනය කිරීමට නියමිතව සිටින මැතිව් වේඩ්, කැමරන් ග්‍රීන් සහ ඇෂ්ටන් ඒගාර් යන ක්‍රීඩකයින් ද මේ වන විට ස්වයං නීරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ අනුව කැමරන් ග්‍රීන්ට සහ ඇෂ්ටන් ඒගාර්ට දෙරට අතර ලබන 27 වනදා පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය හැකි බව සදහන්.

දකුණු ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා වසංගතයේ ව්‍යාප්ත වීමත් යළි වාර්තා වීමත් සමග ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේ දී දෙසැම්බර් 17 වනදා ආරම්භ වීමට නියමිත ඉන්දු – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ද බාධා එල්ල වීමේ අවධානමක් මතුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...