එල්. පී. එල්. ප්‍රශ්න කරමින් අර්ජුන රණතුංග ක්‍රීඩා ඇමති නාමල්ට ලියයි

Date:

ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ විනිවිද බව ප්‍රශ්න කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට අද(16) ලිපියක් යොමු කර තිබෙනවා.

එහිදී රණතුංග මහතා ප්‍රධාන වශයෙන් කරුණු 6ක් පිළිබද අමාත්‍යවරයාගේ අවධානය යොමු කර ඇති බව සදහන්.

එනම්,

  • මෙම තරගාවලිය අයි. සී. සීය විසින් අනුමත කර තිබේද ? එය ඍජු මැදිහත් වීමක්ද ?
  • මෙම තරගාවලිය අයි. සී. සී දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද ?
  • අයි. සී. සී. දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණය නොකරන්නේ නම් එම කාර්යය සිදුවන මෙරට ආචාර්ය ධර්ම පද්ධතිය කුමක්ද ?
  • ක්‍රීඩයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමඟ ද? ( ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ? කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද? )
  • මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද? (එසේනම් ඒ කුමන අංශයෙන්ද?)
  • කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් ද ?

යන ප්‍රශ්න එම ලිපියෙන් අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කර තිබෙනවා.

අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ ‍දේශීය තරග පාවාදිමට වැරදිකරුවකු වූවකු මෙම තරගාවලියේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට උචිත ද යන්නයි.

සම්පූර්ණ ලිපිය පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...