“අන්තිම බෝලෙ වෙනකන් නොගිය එක ගැන සතුටුයි” මහේල ගැන මුම්බායි පල කළ වීඩියෝව

Date:

ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ 5 වැනි වරටත් අයි.පී.එල් ශූරතාවය දිනා ගත්තේ ලොව ප්‍රබලම 20යි 20 කණ්ඩායම තමන් බවට යළි යළිත් තහවුරු කරමින්.

මෙය මහේලගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි කණ්ඩායම දිනා ගත් තෙවැනි ශුරතාවය වීම ද විශේෂත්වයක්.

පසුගිය වසරේ දී අයි.පී.එල් ශූරතාවය මුම්බායි කණ්ඩායම ජය ගත්තේ අවසන් තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් වන අතර, 2017 වසරේ දී ඔවුන් රයිසින් පූනේ සුපර්ජයින්ට් කණ්ඩායම පරදවමින් ශූරතාවය දිනා ගත්තා.

එම අවස්ථා දෙකම මුම්බායි කණ්ඩායම එක් ලකුණකින් තරගය ජය ගත්තේ තරගයේ අවසන් පන්දුවේ දී යි.

කෙසේ වෙතත්, මෙවර අයි.පී.එල් තරගාවලිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු 8ක් ඉතිරිව තිබියදී ජය ගත්තේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

ඒ අනුව තරගයෙන් අනතුරුව ක්‍රීඩක විවේකාගාරයේ දී පුහුණුකරු මහේල ජයවර්ධන හාස්‍යමුසු කරමින් සදහන් කර සිටියේ මෙම තරගය අවසන් පන්දුව දක්වා රැගෙන නොයාම සම්බන්ධයෙන් සියලු දෙනාට ස්තූතිවන්ත වන බවයි.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...