ශ්‍රී ලංකා ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා අද(11) දිනයේ දී කොරෝනා වෛරසයට (කොවිඩ් 19) අදාළ වෛද්‍ය පරීක්ෂණ (PCR) සිදු කර තිබෙනවා.

ඒ, කොළඹ පිහිටි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ දී යි.

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පදනම් කර ගනිමින් මෙම වෛද්‍ය පරීක්ෂණවලට ක්‍රීඩකයින් යොමු කර ඇති බව සදහන්.

තරගාවලියට එක්වන සියලුම කාර්ය මණ්ඩල, සහායක කාර්ය මණ්ඩල, දේශීය ක්‍රීඩකයින් සහ විකාශන කාර්ය මණ්ඩලය තරඟාවලිය ආරම්භ වීමට පෙර දින 14 ක නිරෝධායනයකට ලක් කිරීමට නියමිතයි.

ඒ අනුව ඔවුන් සියලු දෙනාම PCR පරීක්ෂණවලට ද භාජනය කෙරෙනු ඇති.

තරඟාවලියට සහභාගී වීමට පැමිණෙන විදෙස් ක්‍රීඩකයින් ද PCR පරීක්ෂණවලට යොමු කෙරෙන අතර ඔවුන් දින 7 ක කාලයක් නිරෝධායනයකට ලක් කිරීමට නියමිතයි.

තරගාවලිය එළඹෙන 26 වනදා, එනම් තවත් දින 15කින් හම්බන්තොටදී ආරම්භ වනවා.

  • ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ දුන් අයුරු –

 

View this post on Instagram

 

PCR Test 😭😭😭

A post shared by 𝑫𝒊𝒎𝒖𝒕𝒉 𝑲𝒂𝒓𝒖𝒏𝒂𝒓𝒂𝒕𝒉𝒏𝒂 🇱🇰 (@dimuthk_123) on

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...