“ඔහු නායකයා නොවුණොත් එය ඉන්දියාවේ පරාජයක්, රෝහිට්ගේ නෙවෙයි” : ගම්භීර්

Date:

ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායකත්වය වත්මන් උප නායක සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මාට ලබා දිය යුතු බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ඔහු 5 වන වරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අයි.පී.එල් ශූරතාවය දිනා දීම සදහා නායකත්වය ලබා දීමත් සමගයි.

ඉන්දීය කණ්ඩායමේ වත්මන් නායක විරාට් කෝලි මෙහෙයවන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙතෙක් කිසිදු අයි.පී.එල් ශූරතාවයක් ජය ගැනීමට හැකි වී නැහැ.

“රෝහිට් ෂර්මා ඉන්දීය කණ්ඩායමේ නායකයා වන්නේ නැත්නම් එය ඉන්දියාවේ පරාජයක් මිස රෝහිට්ගේ පරාජයක් නෙවෙයි.” යනුවෙන් ඉන්දීය කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ ගෞතම් ගම්භීර් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සදහන් කළා.

“රෝහිට් ජයග්‍රහනය කරලා තියෙනවා අයි.පී.එල් ශූරතා 5ක්. ඔහු තමයි සාර්ථකම නායකයා අයි.පී.එල් ඉතිහාසයේ. මින් ඉදිරියට ඔහුව සීමිත පන්දුවාර තරගවල නායකයා ලෙස පත් කරන්නේ නැත්නම් එය ලැජ්ජාවක්. මොකද ඔහුට කළ හැකි තවත් දෙයක් නැති නිසා.”

අයි.පී.එල් ශූරතා ද්විත්වයක් ජය ගැනීම සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නායකත්වය දුන් ගෞතම් ගම්භීර් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම තරග රටාවේ දී විරාට් කෝලිට වඩා රෝහිට් ෂර්මා ඉදිරියෙන් පසුවන බවයි.

“ඒ ඒ තරග රටා සදහා ඇයි වෙන වෙනම නායකයින් පත් කරන්න බැරි. ඒක නරක අදහසක් නෙවෙයි. මම කියන්නේ නැහැ කෝලි ගොඩක් අසාර්ථක නායකයෙක් කියලා. නමුත් දෙදෙනා සංසන්දනය කරාම රෝහිට් ඉදිරියෙන් ඉන්නවා.”

එංගලන්ත හිටපු නායක මයිකල් වෝන් සහ ඉන්දීය හිටපු ආරම්භක පිතිකරුවෙකු වන විරේන්ද ෂෙවාග් ද සදහන් කර ඇත්තේ රෝහිට් ෂර්මා නායකයෙකු ලෙස ඉදිරියෙන් සිටින බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...