එළඹෙන ඉන්දීය තරගාවලියට ඔස්ට්‍රේලියාවෙන් ආදිවාදී ඇදුමක්

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අදිනු ලබන ඇදුම අද(11) එළිදැක්වුණා.

එහි විශේෂත්වය වන්නේ අදාළ ඇදුම එරට ස්වදේශීයත්වයට මුල්තැන දෙමින් නිර්මාණය කර තිබීමයි.

ස්වදේශීය ඔස්ට්‍රේලියානුවන් (ආදිවාසීන්) සිහිපත් කිරීම සහ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීම දිරිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

මීට පෙර ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ද මෙවැනි ඇදුමකින් සැරසී එංගලන්තයට එරෙහි ජාත්‍යන්තර තරගාවලියක් සදහා ක්‍රීඩා කර තිබුණා.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 4 වනදා කැන්බරාහී දී පැවැත්වීමට නියමිතයි.

ඊට පෙර තරග 3කින් යුත් එක්දින තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වනු ඇති.

cricket australia

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...