ලබන වසරේ දී IPL තරගාවලියට තවත් කණ්ඩායමක්

Date:

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා තවත් කණ්ඩායමක් එක් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මේ වන විට තරගාවලිය සදහා කණ්ඩායම් 8ක් එක්වන අතර, ලබන වසරේ දී එය 9ක් දක්වා ඉහළ නැංවීමටයි අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව ලබන තරග වාරය වෙනුවෙන් පූර්ණ වෙන්දේසියක් 2021 වසර මුලදී පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වංසගතයෙන් පසුව මූල්‍ය සමතුලිතතාවයක් පවත්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බව සදහන්.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව ලබන වසරේ තරගාවලිය ඉන්දියාවේ දීම පැවැත්වීම සම්බන්ධයෙන් ද මේ වන විට එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මීට පෙර 2011 වසරේ පැවැති අයි.පී.එල් තරගාවලිය සදහා කණ්ඩායම් 10ක් එක්වී තිබූ අතර, 2012 සහ 2013 වසරවල පැවැති තරගාවලි සදහා කණ්ඩායම් 9 බැගින් එක්වී තිබුණා.

මෙතෙක් පැවැති සියලු අයි.පී.එල් තරගාවලි සදහා ක්‍රීඩා කර ඇති සමස්ත කණ්ඩායම් සංඛ්‍යාව 13ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...