ඉෂාන් කිෂන් වසර 12ක් පැරණි ජයසූරියගේ වාර්තාව අභියස

Date:

20යි 20 තරග රටාව යනු හයේ පහරවල් වැඩි වශයෙන් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා කර දෙන තරග රටාවක්.

අයි.පී.එල් 20යි 20 තරගාවලියේ ද ඒ තත්ත්වයේ වෙනසක් නැහැ.

මෙලෙස හයේ පහරවල් එල්ල කිරීම තුළින් අයි.පී.එල් තරගාවලියේ දී නව වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉෂාන් කිෂන්ට අද(10) උදා වී තිබෙනවා.

මෙවර තරගවාරයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ඉතා ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටින 22 හැවිරිදි ඉෂාන් කිෂන් මෙවර තරගාවලිය පුරා වාර්තා කර ඇති හයේ පහරවල් සංඛ්‍යාව 29 ක්.

2020 අයි.පී.එල් තරගාවලියේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කර ඇති පිතිකරුවා වන්නේ ද ඔහුයි.

අද රාත්‍රියේදී පැවැත්වෙන අවසාන මහා තරගයේදී ඔහු තවත් හයේ පහරවල් 3 ක් එල්ල කළහොත් අයි.පී.එල්. තරගාවලි ඉතිහාසය තුළ එක් තරග වාරයකදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට ඉෂාන් කිෂන් පත්වෙනු ඇති.

අදාළ වාර්තාව මේ වන විට වසර 12 ක් තිස්සේ රැක ගෙන සිටින්නේ මුම්බායි කණ්ඩායම තරග වාර 3 කදී නියෝජනය කළ සුපිරි පිතිකරු සනත් ජයසූරියයි.

2008 වසරේ පැවති අයි.පී.එල්. තරගාවලියේ තරග 14 කට ක්‍රීඩා කරමින් ඔහු එල්ල කර තිබූ හයේ පහරවල් ගණන 31 ක්.

එම තරගාවලියේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා වූයේ ද සනත් ජයසූරියයි.

2008 තරගවාරයේ 36 වන තරගයේ දී සනත් ජයසූරිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් සිය මංගල 20යි 20 ශතකය ද වාර්තා කළා.

පන්දු 48කින් ඔහු නොදැවී ලකුණු 114ක් වාර්තා කළේ හයේ පහර 11ක් සිය ඉනිමට එක් කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...