කොරෝනා ආසාදනය වීමෙන් වින්ස්ටත් PSL අහිමි වෙයි

Date:

එංගලන්ත පිතිකරු ජේම්ස් වින්ස්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 4 අහිමි වනු ඇති.

ජේම්ස් වින්ස් මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායමයි නියෝජනය කිරීමට නියමිතව සිටියේ.

ඒ අනුව ඔහු වෙනුවට එංගලන්ත පිතිකරු ජෝ ඩෙන්ලි සංචිතයට ආදේශ කිරීමට නියමිත බව සදහන්.

මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම විසින් මොයීන් අලී වෙනුවට බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මහ්මුදුල්ලාහ් ද සිය කණ්ඩායමට තෝරා ගෙන තිබූ නමුත්, මහ්මුදුල්ලාහ්ට ද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට සංචිතයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ජේම්ස් වින්ස් මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද සිඩ්නි සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගාවලිය ආරම්භ වීමට තවත් මාසයක පමණ කාලයක් පවතින බැවින් ඔහුට ඒ සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වීමට ඉඩ තිබෙනවා.

කොරෝනා වසංගතය නිසා කල් දැමීමට සිදු වූ 2020 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 4 ලබන 14 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...