කෘනාල් පාන්ඩ්යාව මැන්කාඩ් කිරීමට අශ්වින් ගත් උත්සාහය

Date:

ඉන්දීය සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් කියන්නේ මෑතක සිට අයි.පී.එල් තරගවල දී පුවත් මවන ක්‍රීඩකයෙක්.

විශේෂයෙන් පසුගිය වසරේ අයි.පී.එල් තරගාවලියේ දී ජොස් බට්ලර් මැන්කාඩ් ක්‍රමයෙන් දවා ගැනීමට ඔහු කටයුතු කිරීමත් සමගයි අශ්වින් බොහෝ දෙනෙකුගේ අවධානයට මෙන්ම විවේචනයට ලක් වුණේ.

මැන්කාඩ් ක්‍රමය යනු පන්දු යවන අන්තයේ සිටින පිතිකරු පන්දු යවන්නා පන්දුව යොමු කිරීමට පෙර සීමා ඉරෙන් ඉවත්ව සිටියහොත් එම අන්තයේ කඩුල්ල බිද හෙලා පිතිකරුවාව දවා ගන්නා ක්‍රමවේදයයි.

සාමාන්‍යයෙන් මැන්කාඩ් ක්‍රමය යටතේ පිතිකරුවෙකු දවා ගැනීමට පෙර ඔහුට අනතුරු ඇගවීමක් සිදු කිරීම මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සම්ප්‍රදායක් වුණත්, බට්ලර් දවා ගැනීමට පෙර අශ්වින් එවැනි අනතුරු ඇගවීමක් ඔහුට සිදු නොකළ බවට චෝදනා එල්ල වුණා.

පසුගිය වසරේ දී කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම නියෝජනය කළ අශ්වින් මෙවර තරගාවලියේ දී දිල්ලි කණ්ඩායම නියෝජනය කරමින් මූලික වටයේ තරගයකදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරෝන් ෆින්ච් මැන්කාඩ් ක්‍රමය යටතේ දවා ගැනීමට ද අවධානය යොමු කළ ඔබට මතක ඇති.

ආරෝන් ෆින්ච් ඉතා පැහැදිලිවම පන්දු යවන්නා පන්දුව යොමු කිරීමට පෙර සීමා ඉරෙන් ඉවතට ගිය අයුරු පුනරූපනවලින් ද දක්නට ලැබෙනු නමුත්, එහිදී ආර්. අශ්වින් කඩුල්ල බිද දැමීමක් සිදු නොකර ඒ වෙනුවට ඔහුට අනතුරු ඇගවීමක් සිදු කිරීමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත්, මෙවැනිම සිදුවීමක් ඊයේ පැවැති මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයේ දී ද දැක ගත හැකි වුණා.

අවසන් මහා තරගයට සුදුසුකම් ලබන ප්‍රථම කණ්ඩායම තීරණය කිරීම සදහා ඊයේ (05) පැවති මෙම තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 57 කින් පරාජය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

නායක රෝහිට් ෂර්මා හා ප්‍රවේගකාරී පිතිකරු කිරන් පොලාඩ් ලකුණු නොලබා දැවී ගියද ලකුණු 201 ක දැවැන්ත ඉලක්කයක් දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ලබාදීමට මුම්බායි පිතිකරණ බළඇණිය සමත්වූ අතර, එම ඉලක්කයක් හඹා ගිය දිල්ලි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

මෙම තරගයේ මුම්බායි ඉන්දියන්ස් ඉනිමේ 13 වන පන්දුවාරයේ දී පන්දු යැවීමේ අන්තයේ සිටි කෘනාල් පාන්ඩ්යා මැන්කාඩ් ක්‍රමයට දවා ගැනීමට රවිචන්ද්‍ර අශ්වින් උත්සාහා ගන්නා ආකාරයක් දක්නට ලැබුණා.

ඔහු අවසන් මොහොතේ පන්දුව යොමු නොකර පාන්ඩ්යා සීමා ඉරේ සිටිනවාද යන්න පරික්ෂා කරන ආකාරයක් දක්නට ලැබුණු අතර එහිදී කෲනාල් පාන්ඩ්‍යා උපහාසාත්මක සිනහවකින් ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

ඊට ආළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...