තීරණාත්මක තරගයේ දී කෝලි අසාර්ථක වූ හැටි

Date:

ඉන්දීය නායක සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි යනු ලොව විශිෂ්ඨතම පිතිකරුවෙකු බවට විවාදයක් නැහැ.

ඔහු ලබා ගෙන ඇති ලකුණු ප්‍රමාණය, පිතිකරණ සාමාන්‍ය සහ වාර්තා ප්‍රමාණය ඒ බව මොනවට පැහැදිලි කරනවා.

කෙසේ වෙතත්, ප්‍රධාන තරගාවලියන්හි පිළිමලුන් පිටු දැකීමේ තරගවලදී විරාට් කෝලි දක්වා ඇති දක්ෂතා එතරම් ඉහළ තැනක නොමැති බව සදහන් කළ හැකියි.

විශේෂයෙන් එක්දින ලෝක කුසලාන තරගාවලියන්හි අවසන් වටයේ තරගවලදී ඔහු සැලකිය යුතු දක්ෂතා දැක්වීමට අවස්ථා රැසකදී අසමත් වුණා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය ද ඔහුගේ මෙම අසාර්ථක බව යළිත් සනාථ වූ තරගයක් බවට පත් වුණා.

එහිදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව විරාට් කෝලි රැස් කළේ ලකුණු 6ක් පමණයි.

ඔහු දැවී ගියේ ජේසන් හෝල්ඩර් යොමු කළ පන්දුවකට කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි.

පසුගිය තරගවලදී අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කළ කෝලි මෙම තරගයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක්.

මේ අතර, මෙම තරගයේ දී බැංගලෝර් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ඒ.බී. ඩිවිලියස් ලකුණු 56කට දැවී ගිය අයුරු ද බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.

ටී.නටරාජන් යොමු කළ සුපිරි යෝකර් පන්දුවක් හමුවේයි ඩිවිලියස් දැවී ගියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...