හිටපු ක්‍රීඩිකාවට එංගලන්ත පිරිමි කණ්ඩායමේ පුහුණුකාර ධූරයක්

Date:

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කඩුලු රකින ක්‍රීඩිකා සාරා ටේලර් නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන එංගලන්ත පිරිමි කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඇය මෙවර ශීත ඍතුවේදී ‘එංගලන්ත ලයන්ස්’ කණ්ඩායම සමඟින් ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් සමඟ සමීපව කටයුතු කළ අතර, අදාළ තනතුර සඳහා ඇයව තාවකාලිකව පත් කර ඇත්තේ මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ කටයුතු කරන කාල් හොප්කින්සන් වෙනුවටයි.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන එංගලන්ත සංචිතය නිවේදනය කිරීමෙන් අනතුරුව එංගලන්ත පිරිමි ක්‍රිකට් අධ්‍යක්ෂ රොබ් කී විසින් සාරා ටේලර්ගේ පත්වීම තහවුරු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...