LPL අවසන් තීරණය හෙට ජනපති සමග සාකච්ඡාවකින් පසු

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්විම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේ දී ගැනීමට නියමිත බව newswire වෙබ් අඩවිය වාර්තා කරනවා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජක්ෂ මහතා සදහන් කර ඇත්තේ හෙට පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව එය තිරණය කෙරෙනු ඇති බවයි.

ඒ අනුව ක්‍රිකට් බළධාරීන්, කොරෝනා මර්දන කාර්යය සාධක බලකාය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මෙම සාකච්ඡාව හෙට පැවැත්වීමට නියමිත බව සදහන්.

එමෙන්ම එල්.පී.එල් තරගාවලිය හම්බන්තොට දී පමණක් ජෛව ආරක්ෂිත බුබුලක පැවැත්වීම සදහා සෞඛ්‍ය බළධාරීන් ක්‍රිකට් බළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ දෙවන අදියරේ තරග මහනුවර දී පැවැත්වීමටයි මේ වන විට සැලසුම් සකස් කර ඇත්තේ.

තරගාවලිය දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...