LPL එන විදෙස් ක්‍රීඩකයින්ට දින 7ක නිරෝධායන කාලයක් ?

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන විදෙස් ක්‍රීඩකයින් දින 7ක කාලයක් පමණක් නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

අද ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් සහ සෞඛ්‍ය බළධාරීන් අතර පැවැති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් තීරණය කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, තරග විකාශන කාර්ය මණ්ඩලයට දින 14ක නිරෝධායනයකට ලක් වීමට සිදු වනු ඇති.

තරගාවලියේ සියලු තරග හම්බන්තොට දී පැවැත්වීම සදහායි අද පැවැති සාකච්ඡාවේ දී එකගතාවයකට එළඹ ඇත්තේ.

ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත එල්.පී.එල් තරගාවලිය දින කිහිපයකින් ප්‍රමාද වීමට ද ඉඩ තිබෙනවා.

ක්‍රිකට් බළධාරීන්, කොරෝනා මර්දන කාර්යය සාධක බලකාය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවක දී තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...