T20 WC : ක්‍රිකට් ලොව කළඹමින් ඉන්දියාව සමග තරගය වර්ජනය කරන බව පාකිස්තානය නිවේදනය කරයි

Date:

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ක්‍රීඩා නොකිරීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා දෙන බවයි පාකිස්තාන රජය නිවේදනය කළේ.

ආරක්ෂක ගැටලු හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට නොහැකි බවත්, ඔවුන්ට ශ්‍රී ලංකාවේදී තරග ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවත් ප්‍රකාශ කර තිබූ නමුත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඊට අවසරය ලබා දුන්නේ නැහැ.

ඒ අනුව බංග්ලාදේශයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඔවුන් වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම ලෝක කුසලානයට ආදේශ කිරීමටයි පියවර ගත්තේ.

මීට පාකිස්තානය දැඩි විරුද්ධත්වයක් පල කළා. එවැනි පසුබිමකයි ඔවුන් මෙලෙස ඉන්දියාව සමග තරගය ක්‍රීඩා නොකර සිටීමට තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...