ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයට එංගලන්ත කණ්ඩායම නම් කෙරේ

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

හැරී බෘෘක්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට සැක් ක්‍රව්ලි යළි කැදවා තිබීම විශේෂත්වයක්.

ඒ අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව ඔහු පළමු වරට හෙට එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරනු ඇති.

අඩිල් රෂීඩ් සමග ලියම් ඩෝසන් දග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට ඇතුළත්.

පළමු තරගය හෙට පස්වරු 2:30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

1.⁠ ⁠Zak Crawley
2.⁠ ⁠Ben Duckett
3.⁠ ⁠Joe Root
4 Jacob Bethell
5.⁠ ⁠Harry Brook (c)
6.⁠ ⁠Jos Buttler (wk)
7.⁠ ⁠Will Jacks
8.⁠ ⁠Sam Curran
9.⁠ ⁠Jamie Overton
10.⁠ ⁠Liam Dawson
11.⁠ ⁠Adil Rashid

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...