BPL තරගයකට ඔන්න මෙන්න කියා තිබියදී පුහුණුකරුවෙක් ක්‍රීඩාංගනයේදී මිය යයි

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන පුහුණුකරුවෙකු වන Mahbub Ali Zaki හෘදයාබාධයක් වැළදී මිය ගොස් තිබෙනවා.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ Dhaka Capitals කණ්ඩායම හා Rajshahi Warriors කණ්ඩායම අතර Sylhet හීදී අද පැවැති තරගය ආරම්භ වීමට පෙරයි ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ.

Mahbub Ali Zaki ඩකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළා.

තරගය සදහා කණ්ඩායමේ ක්‍රීඩකයින් සූදානම් වෙමින් සිටියදී ඔහු ඇද වැටී තිබූ බව සදහන්.

අනතුරුව 59 හැවිරිදි ඔහුව රෝහල් ගත කෙරුණු අතර, එහිදී Zaki මිය ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, පැවැත්වීමට සැලසුම් කර තිබූ තරගය නියමිත පරිදි පැවැත්වුණේ ඔහුගේ අභාවය වෙනුවෙන් මිනිත්තුවක නිහඩතාවයක් පැවැත්වීමෙන් අනතුරුවයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...