Watch : දින 5,468 කට පසු එංගලන්තය ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයක් ලැබූ අවස්ථාව මෙන්න ; බ්‍රෝඩ් සතුටින් පිනා යයි

Date:

දින 5,468 කට පසුව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයක් ලැබීමට එංගලන්තයට අද හැකි වුණා. ඒ, අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් කඩුලු 4 ක ජයක් හිමි කර ගනිමින්.

මෙල්බර්න්හීදී පැවැති මෙම බොක්සිං දින ටෙස්ට් තරගය දින දෙකක් ඇතුළත අවසන් වීම කැපී පෙනුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 152 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට ලබා ගත හැකි වූයේ ලකුණු 110 ක් පමණයි.

අද දිනය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු කිසිවක් නොදැවී ලකුණු 4 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 132 ක් පමණයි.

ජයග්‍රහනය සදහා ලකුණු 175 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු 4 ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

එංගලන්තය තරගය ජය ගත් අවස්ථාවට අදාළ වීඩියෝ කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...